වෙනිසියුලා රජයට එරෙහි වැඩවර්ජනයක්



වෙනිසියුලා ජනාධිපති නිකලස් මදුරෝ ප්‍රමුඛ රජයට එරෙහිව දීපව්‍යාප්ත මහා වැඩ වර්ජනයක් ඊයේ (21) එරට විපක්ෂය විසින් සංවිධානය කරනු ලැබ තිබුණි.

විපක්ෂ දේශපාලන කණ්ඩායම් කියා සිටියේ වෙනිසියුලා වැසියන්ගෙන් සියයට 85 ක පිරිසක්, වැඩ වර්ජනයට එක් වුණු බවත්, ජනපති මදුරෝ සහ රජයට එරෙහිව වීදි බැස විරෝධතා රැලිවලට එක් වුණු බවත්ය.

විරෝධතා රැලි සංවිධානය කළ විපක්ෂ ක්‍රියාකාරීන් 300 දෙනකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය පියවර ගත්තේ යැයි ද වාර්තා වේ. ප්‍රචණ්ඩකාරීව හැසිරුණු විරෝධතාකරුවන් මර්දනයට කැරැලි මර්දන පොලිසිය යෙදවිණි.

දෙපිරිස අතර හටගත් දරුණු ගැටුම් හේතුවෙන් විරෝධතාකරුවෝ තිදෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලබා රෝහල් ගත කළ ගණන 100 කට ආසන්න යැයි ද පැවැසෙයි.

කඩිනමින් ජනාධිපතිවරණයක් පවත්වන ලෙසත් නව ව්‍යවස්ථාවක් සකස් කිරීම කළ යුතු බවත් වෙනිසියුලා විපක්ෂය බල කර සිටී. ජනපතිවරණයක් පැවැත්වීම වෙනිසියුලා ජනාධිපති නිකලස් මදුරෝ ප්‍රතික්ෂේප කර ඇත. රටේ හටගෙන ඇති දේශපාලන අර්බුදය මේ වනවිට තව තවත් උත්සන්න වී ඇත්තේ එහෙයිනි.

(රොයිටර්)


RECOMMEND POSTS