විලියම්-කේට් පාකිස්තාන සංචාරය අවලංගු කරයි



බ්‍රිතාන්‍යයේ විලියම් කුමරු සහ බිරිඳ කේම්බ්‍රිජ් ආදිපාදවරිය කේට් මිඞ්ල්ටන්, පාකිස්තාන සංචාරයකට සූදානමින් සිටි නමුත්, පාකිස්තානය සහ ඉන්දියාව අතර පවතින අර්බුදකාරී තත්ත්වය මුල්කොට ගනිමින් එම සංචාරය අවලංගු වනු ඇතැයි බි්‍රතාන්‍ය පොදුරාජ්‍ය මණ්ඩල කාර්යාලය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

විලියම් කුමරු සහ බිරිඳ කේම්බ්‍රිජ් ආදිපාදවරිය කේට් මිඞ්ල්ටන් පාකිස්තානයේ සංචාරයකට යන බව නිවේදනය කෙරුණේ මීට මාසයකට පමණ පෙරය. මේ ඔවුන්ගේ පළමු පාකිස්තාන සංචාරය වනු ඇතැයි ද බ්‍රිතාන්‍ය පොදුරාජ්‍ය මණ්ඩල කාර්යාලය එම අවස්ථාවේදී නිවේදනය කර තිබුණි.

මීට පෙර විලියම් කුමරුන්ගේ පියා 2006 දී පාකිස්තාන සංචාරයකට පැමිණ ඇත. 1991 දී විලියම් කුමරුන්ගේ මව ඩයනා කුමරිය පාකිස්තානයට පැමිණි බවත්, 1961 සඑ 1997 දී දෙවැනි එලිසබත් මහ රැජින පාකිස්තානයට පැමිණි බවත් වාර්තා වේ.

ලන්ඩනයේදීය (රොයිටර්ස්)


RECOMMEND POSTS