විභාගයට භූමිකම්පාවක් හරස් වෙලා



දකුණු කොරියාවේ උසස් පෙළ විභාගය ඊයේ (15) පැවැත්වීමට නියමිතව තිබුණු නමුත් එදින දකුණු කොරියාවට බලපෑ භූමි කම්පාවක් හේතුවෙන් විභාගය අවලංගු කෙරුණි.

උසස් අධයාපනය හදාරන දකුණු කොරියානු සිසු සිසුවියන්ගේ අනාගතය තීරණය කෙරෙන මෙම කඩඉම් විභාගය මෙසේ අවලංගු කෙරුණේ එරට ඉතිහාසයේ පළමු වරට යැයි ද පැවැසෙයි. විභාගය යළි පැවැත්වෙන්නේ කවදාදැයි යන්න ඉදිරියේදී දැනුම් දෙන බව එරට විභාග දෙපාර්තමේන්තුව පවසා ඇත.

භූමි කම්පාව රික්ටර් පරිමාණයේ ඒකක 5.4 ක් සටහන් කළ එකක් විය. එයින් බලපෑම් එල්ල වූයේ පෝහැංග් වෙරළ නගරයටය. ජීවිත හානි සිදු නොවුණත් 57 දෙනෙක් තුවාල ලැබූහ. ඔවුන් කඩිනමින් රෝහල් ගත කෙරුණි. නිවාස අහිමි වුණු පිරිස 1,520 කි.

(ඒ.එෆ්.පී/රොයිටර්)


RECOMMEND POSTS