වැඩිම ආකර්ෂණය ප්‍රංශයට



ලොව වැඩිම සංචාරක ආකර්ෂණයක් තිබෙන රට බවට ප්‍රංශය යැයි ද දෙවැනි තැනට ඇමෙරිකාව අභිබවමින් ස්පාඤ්ඤය ද පත්ව ඇතැයි ද ලෝක සංචාරක සංවිධානය සඳහන් කරයි.

වැඩිම සංචාරක ආකර්ෂණයක් හිමි ප්‍රංශයට පසුගිය වසරේ  පැමිණි සංචාරකයන්ගේ සංඛ්‍යාව මිලියන 82.6කි.

ආරක්ෂාව සම්බන්ධයෙන් තර්ජන තිබුණ ද ඉකුත් වසර සංචාරක කේෂ්ත්‍රයට ඉතා සරු වසරක් බව ද එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුබද්ධිත සංවිධානයක් වන ලෝක සංචාරක සංවිධානය සඳහන් කරයි.

කෙසේ වෙතත් සංචාරක ආරක්ෂණයක් තිබෙන රටවල් වන ඊජිප්තුව, ටියුනීසියාව සහ තුර්කියට තිබූ ආකර්ෂණය ත්‍රස්ත සහ අන්තවාදී තර්ජන හේතුවෙන් තරමුක් දුරට අඩු වූ බව එම සංවිධානය කියයි.

පසුගිය වසරේදී ස්පාඤ්ඤවය පැමිණ තිබෙන සංචාරකයන්ගේ සංඛ්‍යාව මිලියන 82 ඉක්මවා ඇති බවත් ඒ අනුව ලොව දෙවැනි වැඩිම සංචාරක ආකර්ෂණයක් තිබෙන රට බවට ස්පාඤ්ඤය පත්ව තිබෙන බව ද සංඛ්‍යා දත්ත ප්‍රකාශයට පත් කරමින් එක්සත් ජාතීන්ගේ ලෝක සංචාරක සංවිධානයේ ප්‍රධානී සුරාබ් පොලෝලිකෂ්විලි පැවැසීය. 

ඇමෙරිකා එක්සත් ජනපදය පසුගිය වසරේ සංචාරක පැමිණීම් පිළිබඳ අවසන් දත්ත මෙතෙක් ප්‍රකාශයට පත් කර නොමැත. ඇමෙරිකාව සංචාරක පැමිණි පිළිබඳ සමස්ත දත්ත නිකුත් කරනුයේ ජූනි මාසයේදීය.

ඉකුත් 2017 වසර සංචාරක කර්මාන්තයට සුබදායක වසරක් බව පෙන්වා දෙන ලෝක සංචාරක සංවිධානය පසුගිය වසරේදී ගෝලීය සංචාරකයන්ගේ සංඛ්‍යාව 2016 වසර සැලකීමේදී සියයට 7කින් බිලියන 1.32ක් දක්වා වර්ධනය වී ඇතැයි සඳහන් කරයි.

ගෝලීය ආර්ථිකයේ පසු බැසීම නිසා සංචාරක කර්මාන්තයේ පහත වැටුණු අතර පසුගිය වසරේ සංචාරක ක්ෂේත්‍රය පෙන්නුම් කළ වර්ධනය වසර හතකට පසු ඇති වූ ඉහළම වර්ධනය එය යැයි ද ලෝක සංචාරක සංවිධානය පෙන්වාදෙයි.

(ඒ.එෆ්.පී)


RECOMMEND POSTS