වඳුරන් යොදා එන්නත අත්හදා බැලේ



‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසයට එරෙහිව තමන් ද එන්නතක් නිපදවීමට යොමු වී සිටින බවත්, වඳුරන් යොසදා ගනිමින් සාර්ථක අත්හදා බැලීම් සිදු කළ බවත් තායිලන්ත වෛද්‍ය පර්යේෂකයෝ පවසති.

එන්නත නිපදවීම සිදු කරනු ලබන්නේ තායිලන්ත ජාතික එන්නත් පර්යේෂණ අංශයේ විද්‍යාඥයන්ය. තායිලන්ත රජයේ අනුග්‍රහය සහ සහාය ඒ සඳහා නොඅඩුව ලැබේ.

චීනයේ හුබෙයි පළාතේ වූහාන් නුවරින් ඇරැඹුණු ‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය මේ වනවිට ලොව පුරා පැතිර ගොස් අවසන්ය. වයිරසයෙන් මේ වනවිට වැඩිම හානියක් සිදුවී ඇත්තේ ඇමෙරිකාවටය. දෙවැනි ස්ථානයේ ඇත්තේ බ්‍රසීලයයි. මිලියන 5 කට වැඩි ආසාදිතයන් ලොව නන්දෙසින් වාර්තා වන අතර මරණ සංඛ්‍යාව ලක්ෂ 3 ඉක්මවා ඇත.

තමන් විසින් නිර්මාණය කළ එන්නත වඳුරන් සඳහා භාවිත කරන්නේ මීයන් යොදා ගනිමින් කළ පර්යේෂණ සාර්ථක වූ නිසා යැයි තායිලන්ත වෛද්‍ය පර්යේෂකයෝ වැඩි දුරටත් කියා සිටිති. මෙම අත්හදා බැලීම සාර්ථක වුවහොත් ලබන සැප්තැම්බරය වන විට එන්නත සායනික පර්යේෂණ සඳහා යොදා ගැනීමට නියමිත බව ද වාර්තා වේ.

බැංකොක්හිදීය (රොයිටර්)


RECOMMEND POSTS