ලෝකයේ හොඳම වනජීවී ඡායාරූපය



සෑම වසරකම වනජීවී ඡායාරූප ශිල්පීන්ගේ ඡායාරූප අතරින් හොඳම ඡායාරූපය තේරීම සිදුවෙයි. මෙය සිදු කරන්නේ ලන්ඩන් නුවර ස්වභාව විද්‍යා කෞතුකාගාරයේ මූලිකත්වයෙනි.

මෙවර, එනම් 2019 සඳහා එසේ තෝරාගත් වසරේ හොඳම ඡායාරූපය චීන වනජීවී ඡායාරූප ශිල්පියකු වන යොංග්කිංග් විසින් ගනු ලැබූවකි. යොංග්කිංග් සිය ඡායාරූපය නම් කර ඇත්තේ ‘ඒ මොහොත’ යනුවෙනි.

ජයග්‍රහණය කළ යොංග්කිංග්ගේ ඡායාරූපය සැබැවින්ම අපූරු එකකි. එහි දැක්වෙන්නේ හිමාල අඩවියේ සතුන් දෙදෙනකි. ඉන් එකෙක් හිවලෙකි. අනෙකා මාමොට් යනුවෙන් හැඳින්වෙන ලේනෙකි.

මාමොට් ලේනා බිම පමණක් වාසය කරන ලේන් විශේෂයකි. තරමක් විශාල ලෝම පිරුණු සිරුරකින් යුක්තය. ඡායාරූපයේ දිස්වන්නේ හිවලා නිසා හිටිහැටියේ තැති ගැනීමට ලක්වන මාමොට් ලේනෙකි. එය සැබැවින්ම අපූරු ඡායාරූපයක් බව බැලූ බැල්මට පෙනෙයි.

(අන්තර්ජාල පුවත් ඇසුරිනි)


RECOMMEND POSTS