ලෝක බැංකු මහ පුටුවට ඉන්ද්‍රා නූරි



ලෝක බැංකු ප්‍රධානියා ලෙස ඉන්දීය සම්භවයක් සහිත ඇමෙරිකන් කාන්තාවක වන ඉන්ද්‍රා නූරි සුදුසු යැයි ධවල මන්දිරය නිකුත් කළ නිවේදනයක සඳහන් වෙයි.

63 හැවිරිදි ඉන්ද්‍රා නූරි පෙප්සි සමාගමේ ප්‍රධානියා ලෙස වසර 12 ක් කටයුතු කර විශ්‍රාම ගිය අයෙකි. ඉන්ද්‍රා නූරි මහ බැංකු ප්‍රධානී ධුරයට සුදුසු යැයි නම් කරනු ලැබ ඇත්තේ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දියණිය මෙන්ම, ඔහුගේ උපදේශිකාවක ද වන ඉවන්කා ට්‍රම්ප් විසිනි.

පසුගිය දා මාධ්‍ය වාර්තා කළේ, ලෝක බැංකු මුල් පුටුවට පත් වීමට ඉවන්කා සූදානම් වන බවය. ඊට දැඩි විරෝධයක් ද එල්ල විය.

(රොයිටර්ස්)


RECOMMEND POSTS