ලොව සතුටින්ම සිටින රට ෆින්ලන්තය



ලොව සතුටින්ම වැසියන් සිටින රට ෆින්ලන්තය යැයි එක්සත් ජාතීන්ගේ තිරසර සංවර්ධන විසඳුම් ජාලය 2019 වසර වෙනුවෙන් කළ නවතම සමීක්ෂණ වාර්තාවෙන් අනාවරණය වී ඇත.

‘ලොව සතුටින්ම සිටින රට’ ලෙස රටවල් වර්ගීකරණය කිරීම සෑම වසරකම සිදුවෙයි. එය ආරම්භ වූයේ 2012 දී එක්සත් ජාතීන්ගේ මහ සමුළුවට ඉදිරිපත් වූ යෝජනාවකට අනුමැතිය හිමිවීමෙනි.

2019 වසර සඳහා ලොව සතුටුම රට ලෙස දෙවැනි ස්ථානයට පත් වී ඇත්තේ ඩෙන්මාර්කයයි. තෙවැනි ස්ථානයට පත් වී ඇත්තේ නෝර්වේ රාජ්‍යයයි.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේදීය (රොයිටර්ස්)

 


RECOMMEND POSTS