ලොව වයසකම පුද්ගලයා පරලොව යයි



ලොව වයස්ගතම පුද්ගලයා ලෙස සැලකූ ජපන් ජාතික කාන්තාවක වන නබී තජිමා 117 හැවිරිදි වියේදී මියගොස්  තිබේ.

ඉකුත් සෙනසුරාදා (21) පස්වරුවේ දකුණු ජපානයේ, කිකායි ප්‍රදේශයේ රෝහලකදී ඇය  මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කළේය.

නබී තජිමා නැමැති ඇය 1900 වර්ෂයේ අගෝස්තු මස 04 වනදා උපත ලබා ඇති අතර 19 ශතවර්ෂයේ දී උපත ලබා වර්තමානය වන තෙක් ජීවත් වූ එකම මානවයා ලෙසට හඳුනාගෙන ඇත.

ඇය පිරිමි දරුවන් හත් දෙනෙකු සහ දියණියන් දෙදෙනෙකු හට ද උපත ලබාදී ඇති බව සඳහන්ය.

මීට පෙර ලොව වයස්ගතම පුද්ගලයා ලෙස සැලකූ ජැමෙයිකාවේ වයලට් බ්‍රවුන්ගේ අභාවයත් සමඟ මීට මාස හතකට පමණ පෙර නබී තජිමා ලොව වයස්ගතම පුද්ගලයා බවට පත් විය.

( තිළිණි ද සිල්වා )

ජපෑන් ටයිම්ස් ඇසුරෙනි.


RECOMMEND POSTS