ලොක්ඩවුන් කිරීමට ට්‍රම්ප්ගේ අදහසක් නෑ



ඇමෙරිකාවේ කිසිදු ජනපදයක් හෝ නගරයක් ලොක් ඩවුන් කිරීමට තමන්ගේ අදහසක් නැති බව ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් පවසා ඇත.

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් පවසා ඇත්තේ, වයිරසයෙන් බේරීමට නම් ජනතාව එකිනෙකා අතරේ පවත්වන සමීප සබඳතා අවම කළ යුතු බවය. ඇමෙරිකන් ආර්ථිකයට බලපෑම් එල්ල වන බැවින් කිසිම අවස්ථාවක රට ලොක්ඩවුන් නොකරන බව ට්‍රම්ප් අවධාරණය කර තිබේ.

මේ වනවිට ලොව වැඩිම කොරෝනා ආසාදිතයන් වාර්තා වී ඇත්තේ ඇමෙරිකාවෙනි. 1,24,0000 පසු කර තිබේ. ඇමෙරිකාවෙන් වාර්තා වන මරණ සංඛ්‍යාව 2,000 පසු කර තිබේ. වැඩිම ආසාදිතයන් සහ මරණ වාර්තා වී ඇත්තේ ඇමෙරිකාවේ නිව්යෝක් නුවර අයත් නිව්යෝක් ජනපදයෙනි.

(රොයිටර්)


RECOMMEND POSTS