ලැබූ ක්‍රිකට් ජය පාකිස්තානයට අතුල් පහරක්



එංගලන්ත​යේ පැවැත්වෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ, ඉන්දියාවත් පාකිස්තානයත් අතර පැවැති තරගයෙන් ඉන්දියාව පහසුවෙන් ළකුණු 89 ක ජයක් වාර්තා කිරීම පාකිස්තානයට එල්ල කළ අතුල් පහරක් යැයි ඉන්දීය ස්වද්ශ කටයුතු අමාත්‍ය අමිත් ෂා කියයි.

අමිත් ෂා යනු පාලක භාරතීය ජනතා පක්ෂයේ සභාපතිවරයා ද වෙයි. ඉන්දියාව සහ පාකිස්තානය අතර පවතින විරසකය ක්‍රිකට් පිටියේදී යුද්ධයක් බදුය. කණ්ඩායම් දෙකම ඉතා ආවේගශීලීව තරග වදින බව ක්‍රීඩා විචාරකයන්ගේ ද අදහස වී තිබේ.

පසුගිය පෙබරවාරියේ පාකිස්තානයේ ක්‍රියාත්මක ඉස්ලාමීය ත්‍රස්තවාදීන් ඉන්දීය දේශසීමා පොලිස් භටයන්ට එල්ල කළ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයත් ඉන්පසු සිදුවුණු සිදුවීම් සැලකිල්ලට ගනිමින් ඉන්දියාවත් පාකිස්තානයත් අතර දැඩි අර්බුදකාරී තත්ත්වයක් බවතී.

නවදිල්ලියේදීය (එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS