ලෂ්කාර් ඊ තයිබා ත්‍රස්තයන් ගැන අනතුරු



පාකිස්තානයේ ක්‍රියාත්මක ‘ලෂ්කාර් ඊ තයිබා’ නමැති ඉස්ලාමීය ත්‍රස්ත කල්ලියට අයත් සාමාජිකයන් 300 ක පිරිසක් පාකිස්තානයේත් අසල්වැසි ඇෆ්ගනිස්තානයේත් ක්‍රියාකාරීව සිටින බව ඇමෙරිකාව අනතුරු අඟවයි.

මෙම අනතුරු ඇඟවීම කර ඇත්තේ ඇමෙරිකා යුද අමත්‍යාංශය හෙවත් පෙන්ටගනයයි. ලෂ්කාර් ඊ තයිබා කල්ලිය ගෝලීය ත්‍රස්ත සංවිධානයක් ලෙස ඇමෙරිකාව නම් කර තිබේ.

2008 වසරේ දී ඉන්දියාවේ මුම්බායි නුවරට පහර දුන්නේ ද පාකිස්තානයේ ක්‍රියාත්මක වන ලෂ්කාර් ඊ තයිබා සාමාජිකයන් බව පැවැසෙයි. ඒ, පාකිස්තාන රජයේත් බුද්ධි අංශයේත් සහාය ඇතිව යැයි ඉන්දියාව චෝදනා කරයි.

ඇෆ්ගනිස්තානයේ තලේබාන් ත්‍රස්තවාදීන් සමඟ එක් වී ප්‍රචණ්ඩ ක්‍රියා සිදු කරන ත්‍රස්ත කල්ලි අතර ලෂ්කාර් ඊ තයිබා කල්ලිය ද සිටින බව පෙන්ටගනය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. ඉරාකයෙන් සහ සිරියාවෙන් ආරම්භ වී අද මුළු ලොවටම තර්ජනයක් බවට පත්වුණු අයි.එස්.අයි.එස්. ත්‍රස්තවාදීන් පවා ඇෆ්ගනිස්තානයේ තලේබාන් සංවිධානය සමඟ අත්වැල් බැඳගෙන සිටින බව වාර්තා වේ.

වොෂින්ටනයේදීය (රොයිටර්ස්)


RECOMMEND POSTS