රුසියාවේ රත්රන් පතලක 13 ක් මරුට



රුසියාවේ ක්‍රස් නොයාස් පළාතේ වේල්ලක් කැඩී යෑමත් සමඟ භට නුදුරින් පිහිටි රන් පතලක් ජලයෙන් යටවී ගියේය. එම අවස්ථාවේ පතල තුළ සිටි සේවකයන් 13 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.

පතල ජලයෙන් පිරි යද්දී, සහන සේවකයෝ වහා මැදිහත් වී, පතල්කරුවන් බේරා ගැනීමට පියවර ගත්හ. පතල්කරුවන් 14 දෙනකු බේරා ගැනීමට සහන සේවකයන්ට හැකිවුණු බවත්එම පිරිස රෝහල් ගත කළ බවත් වාර්තා වේ.

වේල්ල නිසි ප්‍රමිතියකට ඉදිකර නොතිබුණු බව මේවනවිට අනාවරණය වී ඇත. රුසියානු බලධාරීන් පවසා ඇත්තේ ඒ ගැන විමර්ශනයක් ආරම්භ කළ බවය. වේල්ල කැඩී ගියේ නොකඩවා ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙනි.

මොස්කව්හිදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS