රුසියාවේ කොරෝනා මරණ 10,000 පසු කරයි



රුසියාවේ ‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා මරණ ගණන 10,000 පසු කර ඇතැයි වාර්තා වේ.

ගත වුණු පැය 24 ඇතුළත මරණ 170 ක් වාර්තා වූ බව රුසියන් පුවත් සේවා ඊයේ (5) වාර්තා කළේය. රුසියාවෙන් වාර්තා වන ‘කොවිඞ් 19’ ආසාදිතයන් ගණන 6,75,000 කට ආසන්නය.

‘කොවිඞ් 19’ වයිරස අසාදිතයන් වාර්තාවන රටවල් අතරින් තෙවැනි ස්ථානයේ පසුවන්නේ රුසියාවය.

‘කොවිඞ් 19’ වයිරස වසංගතය හමුවේ රුසියාවේ ජනමත විමසුමක් පැවැත්වුණු අතර, එය අවසන් වූයේ ඊයේ (5) ය.

ජනමත විමසුම පැවැත්වූයේ ව්‍යවස්ථා සංශෝධයයක් කරමින් ජනපති ධුර කාලය දීර්ඝ කිරීමටය. ජනමත විමසුමට අනුව, රුසියන් ජනාධිපති පුටින්ට ජනතා කැමැත්ත හිමිවුණු අතර, 2036 තෙක් බලයේ රැඳී සිටීමට ඒ අනුව හැකියාව ලැබේ.

මොස්කව්හිදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS