රුසියාවට නව සම්බාධක



රුසියාවට එරෙහිව ඊයේ (16) සිට නව සම්බාධක පැනවීමට අමෙරිකාව සැලසුම් කර ඇති බව වාර්තා විය.

සිරියාවේ රසායනික අවි වැඩසටහනට සම්බන්ධ රුසියානු සමාගම් වෙත මෙම සම්බාධක පැනැවීමට කටයුතු කරන බව එක්සත් ජාතීන්ගේ ඇමෙරිකා තානාපතිනිය නිකී හේලි කියා සිටියාය.

80 දෙනෙකුට මරු කැඳවමින් පසුගියදා සිරියාවේ ඩූමා ප්‍රදේශයට එල්ල වූ රසායනික අවි ප්‍රහාරයට විරෝධය පළ කරමින් මෙලෙස සම්බාධක පැනවීමට තීරණය කර තිබේ.

කෙසේවෙතත් අදාළ රසායනික අවි ප්‍රහාරය සඳහා තාක්ෂණය හෝ උපකරණ සිරියාවට සැපයූ බවට වන චෝදනා රුසියාව විසින් ප්‍රතික්ෂේප කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

මීට පෙරද රුසියානු ආයුධ අපනයන කරන ආයතන කිහිපයකට එරෙහිව අමෙරිකාව විසින් සම්බාධක පනවා තිබූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

( තිළිණි ද සිල්වා )

එන්.බී.සී ඇසුරෙනි.


RECOMMEND POSTS