රුසියා විපක්ෂ නායකයා අත්අඩංගුවට



රුසියානු විපක්ෂ නායක ඇලෙක්සි නවාල්නි අත්අඩංගුවට ගැනීමට එරට ආරක්ෂක අංශ කටයුතු කළ අතර, අධිකරණය හමුවට යොමු කළ අවස්ථාවේදී ඔහු දින 30 කාලයක් රැඳවුම් භාරයට පත් කෙරුණි.

නායක ඇලෙක්සි නිවාල්නි උත්සාහ ගත්තේ මොස්කව් අගනුවර ඇතුළු රුසියාවේ ප්‍රධාන නගර රැසක විරෝධතා රැලි පැවැත්වීමටය. ඒ, රුසියන් ජනාධපති ව්ලැදිමීර් පුටින්ගේ රජයේ දූෂණවලට එරෙහිව යැයි ද පැවැසෙයි.

රුසියන් ආරක්ෂක අංශ ඇලෙක්සි නවාල්නි අත්අඩංගුවට ගෙන ඇත්තේ සිය නිවසේ සිට විරෝධතා රැලි සංවිධානය කරමින් සිටියදී යැයි ද වාර්තා වේ.

ඊට අමතරව, විරෝධතා සංවිධානය කළ විපක්ෂ ක්‍රියාකාරීන් 100 කට ආසන්න පිරිසක් ද අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වේ. මේ සමඟ රුසියාවේ නොසන්සුන්තාවක් ද නිර්මාණය වී ඇත.

ලබන වසරේ රුසියානු ජනාධිපතිවරණය පැවැත්වෙන අතර තමන් රුසියන් ජනපති පුටින්ට එරෙහිව තරගවදින බව ඇලෙක්සි නවාල්නි පවසා ඇත.

(රොයිටර්)

 


RECOMMEND POSTS