රුසියා තරුණියක අත්අඩංගුවට



වොෂින්ටන් අගනුවර පදිංචිව සිටි 29 හැවිරිදි රුසියා තරුණියක ඇමෙරිකන් ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇතැයි එරට පුවත් සේවා වාර්තා කරයි.

මරීයා බුටිනා නමැති මෙම තරුණිය, රුසියානු රජය සහ බුද්ධි අංශ වෙනුවෙන් ඇමෙරිකාවේ රැඳී සිටිමින් ඇමෙරිකන් රජය සහ ඇමෙරිකානුවන් සම්බන්ධයෙන් ඔත්තු බලා ඇතැයි චෝදනා එල්ල වී තිබේ.

මරීයා බුටිනා ඇමෙරිකා විශ්ව විද්‍යාල සිසුවියකි. ඇය රුසියානු හිතවාදී ඇමෙරිකන් නීති සමාගමක් සමඟ පමණක් නොව, ඇමෙරිකා නීති දෙපාර්තමේන්තුව විසින් සම්බාධක සහ තහංචි පනවා ඇති රුසියන් මහ බැංකුවේ ඉහළ නිලධාරීන් කිහිප දෙනකු සමඟ ද සම්බන්ධකම් පවත්වා ඇති බව මේ වනවිට අනාවරණය වී තිබේ.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS