රුසියා ජනපති පුටින්ගෙන් ඇමෙරිකාවට විරෝධයක්



යුරෝපා රටවල් කේන්ද්‍රකොට ගනිමින් මිසයිල පද්ධති පිහිටුවීමට ඇමෙරිකාව සූදානම් වන අතර, රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගෙන් ඊට දැඩි විරෝධයක් එල්ල වී ඇත.

රුසියා ජනාධිපතිවරයා ඇමෙරිකාවට සහ ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ට විරෝධය දැක්වූයේ, ඊයේ (20) ජාතිය අමතමින් කළ ප්‍රකාශයේදීය. ඇමෙරිකාව යුරෝපා රටවල මිසයිල පද්ධති ස්ථාපිත කළොත්, ඊට පිළිතුරු දීමට රුසියාව සූදානමින් සිටින බව ද ජනාධිපති පුටින් අවධාරණය කළේය.

රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් වැඩි දුරටත් කියා සිටියේ ඇමෙරිකාව, යුරෝපා රටවල මිසයිල පද්ධති ස්ථාපිත කිරීම, රුසියාවේ ආරක්ෂාවට තර්ජනයක් කියාය.

මොස්කව්හිදීය (ඒ.එෆ්.පී.)

 


RECOMMEND POSTS