රුවන්ඩාවෙන් පළමු ‘කොවිඞ් 19’ මරණය



අප්‍රිකා රාජ්‍යයක් වන රුවන්ඩාවෙන් පළමු වරට ‘කොවිඞ් 19’ මරණයක් වාර්තා වූ බව එරට සෞඛ්‍ය අංශ පවසයි.

රුවන්ඩාව යනු නැගෙනහිර අප්‍රිකා රටකි. මියගිය බව පැවැසෙන්නේ 65 හැවිරිදි අයෙකි. රියැදුරෙකු වන ඔහු අසල්වැසි රටක සිට රුවන්ඩාවට පැමිණ ඇතැයි ද පැවැසෙයි.

මේ වනවිට අප්‍රිකා මහද්වීපයට අයත් සෑම රටකම පාහේ ‘කොවිඞ් 19’ වයිරසය පැතිර ගොස් අවසන්ය. අවම පහසුකම් යටතේ වුවත්, වයිරසය පාලනය කර ගැනීමට ඇතැම් රටවල් සමත් වී සිටින බව ලෝක සෞඛ්‍ය සංවිධානය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

(රොයිටර්)


RECOMMEND POSTS