රහසේම උතුරු කොරියාවට



ඇමෙරිකා සී.අයි.ඒ. බුද්ධි අංශ ප්‍රධානී මයික් පැම්පීනෝ රහසේම උතුරු කොරියාවට ගොස් උතුරු කොරියානු නායක කිම් ජොන් උන් හමුවී සාකච්ඡා පවත්වා ඇතැයි ඇමෙරිකාවේ වොෂින්ටන් පෝස්ට් පුවත් සේවය අනාවරණය කළේය.

සී.අයි.ඒ. ප්‍රධානී මයික් පැම්පීනෝ උතුරු කොරියාවේ යොංග්යැංග් අගනුවරට ගොස් ඇත්තේ ඉකුත් සතියේ යැයි ද වොෂින්ටන් පෝස්ට් පුවත් සේවය වැඩිදුරටත් පවසා ඇත. ඇමෙරිකා ජනාධිපති ට්‍රම්ප් සහ උතුරු කොරියානු නායක කිම් ජොන් උන් අතරේ හමුවක් ලබන මැයි මාසයේය.

ඇමෙරිකන් බුද්ධි අංශ ප්‍රධානියා, උතුරු කොරියානු නායක කිම් ජොන් උන්, එරට රජයේ ජ්‍යෙෂ්ඨයන්, ආරක්ෂක අංශ නිලධාරීන් හමුවී, ඒ සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා පැවැත්වූ බව වාර්තා වේ. සී.අයි.ඒ. ප්‍රධානී මයික් පැම්පීනෝ, මෙසේ උතුරු කොරියාවට ගොස් ඇත්තේ ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ උපදෙස් අනුවය.

මයික් පැම්පීනෝගේ උතුරු කොරියානු සංචාරය සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය කිරීමත් සමඟ ජනපති ට්‍රම්ප් එය තහවුරු කළේය. සී.අයි.ඒ. ප්‍රධානියා උතුරු කොරියානු නායකයා හමුවී සාකච්ඡා කළ බවත් එම සාකච්ඡා සාර්ථක වුණු බවත් ජනාධිපති ට්‍රම්ප් කියා සිටියේය.

ට්‍රම්ප් මෙසේ පැවැසුවේ ෆ්ලොරීඩාවේ සිටය. ට්‍රම්ප් ෆ්ලොරීඩාවේ සිය නිවාඩු නිකේතනයට ගොස් සිටින්නේ ජපාන අගමැති ෂෙන්සෝ අබේ පිළිගැනීමට සූදානමිනි. ජපාන අගමැති අබේ ඇමෙරිකාවට පැමිණ ජනාධිපති ට්‍රම්ප් හමුවන්නේ ද උතුරු කොරියාව සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වීමටය.

(රොයිටර්)

 


RECOMMEND POSTS