යළි හමුවන්න සැරැසෙති



උතුරු කොරියා නායක කිම් ජොන් උන් සහ දකුණු කොරියා ජනාධිපති මූන් ජේ ඉන් අතර හමුවක් ලබන සැප්තැම්බර් මාසයේදී පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.

කිම් ජොන් උන් සහ මූන් ජේ ඉන් අතරේ හමුවක් පසුගිය අප්‍රේල් වැනිදා පැවැත්විණි. එය ඓතිහාසික අවස්ථාවක් විය. එම හමුව පැවැත්වූයේ දෙරට දේශසීමාවේ යුද මුක්ත කලාපයේය. ලබන සැප්තැම්බරයේ දී කිම් ජොන් උන් සහ මූන් ජේ ඉන් අතර හමුව පැවැත්වෙන්නේ උතුරු කොරියාවේ යොංග්යැංග් අගනුවරය.

ඒ අනුව, දකුණු කොරියා නායකයකු උතුරු කොරියාවේ සංචාරයක නියැලෙන පළමු අවස්ථාව වනු ඇත. උතුරු සහ දකුණු වශයෙන් කොරියානු යුද්ධයෙන් බෙදී වෙන්වුණු කොරියාව න්‍යෂ්ටික අවිවලින් තොර කලාපයක් බවට පත් කිරීමට උතුරු කොරියා නායක කිම් ජොන් උන් කැමැත්ත පළ කර තිබේ.

උතුරු කොරියා නායක කිම් ජොන් උන් සහ දකුණු කොරියා ජනාධිපති මූන් ජේ ඉන් අතර පැවැත්වීමට නියමිත මෙම දෙවැනි හමුව සම්බන්ධයෙන් උතුරු කොරියා සහ දකුණු කොරියා නියෝජිත කණ්ඩායම් අතර දීර්ඝ වශයෙන් සාකච්ඡා පැවැත්විණි. සාකච්ඡා පැවැත්වූයේ දෙරටට පොදු යුද මුක්ත කලාපයේදීය.

(රොයිටර්)

 


RECOMMEND POSTS