මොළයට හානි කරන ඇමීබාවෙක් ෆ්ලොරීඩාවේ



‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරස වසංගතය මැද මොළය අකර්මණ්‍ය කරන ක්ෂුද්‍රජීවී ඇමීබාවකු ගැන ඇමෙරිකාවේ ෆ්ලොරීඩා ජනපදයෙන් වාර්තා වෙයි.

ඇමීබා යනු ඒක සෛලී ක්ෂුද්‍ර ජීවියකු වන අතර, මොළයට හානි සිදු කරන මෙම ඇමීබා විශේෂය හැඳින්වෙන්නේ ‘නෙග්ලේරියා ෆොව්ලේරී’ යන නමිනි. මොවුන් මිරිදිය ජලයේ ජීවත් වෙයි. අන්වීක්ෂයකින් පමණක් දැකිය හැකි මෙම ජීවියා නාසය හරහා අප සිරුරට ඇතුළු වෙයි. ඉන්පසු සෘජුව මොළයට හානි කරයි.

පසුගිය දින කිහිපයේ, ඇමීබාව නිසා රෝගී වූවන් වාර්තා වූ බව මාධ්‍ය හමුවේ පවසා ඇත්තේ ෆ්ලොරීඩා සෞඛ්‍ය අමත්‍යාංශයයි. එසේ හමුවුණු රෝගීන් කීප දෙනකුගේ තත්ත්වය බරපතල යැයි ද පැවැසෙයි.

මේ අයුරින් ඇමීබා ආසාදිතයන් හමුවී ඇත්තේ, ෆ්ලොරීඩාවේ ‘කොවිඞ් 19’ වයිරස ආසාදිතයන් වැඩිවෙද්දීය. ෆ්ලොරීඩා රෝහල් රැසක් ‘කොවිඞ් 19’ ආසදිතන්ගෙන් පිරී ඇතැයි ද පැවැසෙයි.

වොෂින්ටනයේදීය (රොයිටර්)


RECOMMEND POSTS