මෙක්සිකෝ ජනපති හිරවෙලා



ජීවත්වීමට නොහැකිව රටවැසියන් පීඩාවට පත්ව සිටින අවස්ථාවක, නිල ගුවන් යානය, නිල මන්දිරය ඇතුළු ලැබීමට නියමිත වරප‍්‍රසාද ප‍්‍රතික්ෂේප කළ මෙක්සිකෝ ජනාධිපති ධුරයට තේරී පත්වුණු අන්ද්‍රේස් මැනුවෙල් ඔබ්රාඩෝස්, සාමාන්‍ය මගී ගුවන් යානයකින් ගුවන් ගමනකට එක්වුණු අවස්ථාවේදී අකරතැබ්බකට මුහුණ දුන්නේය.

වමාංශික දේශපාලනඥ මැනුවෙල් ඔබ්රාඩෝස් පසුගිය ජූලි මාසයේ පැවැති ජනාධිපතිවරණයෙන් අති විශිෂ්ට ජයක් හිමි කරගත්තේය. මැනුවෙල් ඔබ්රාඩෝස් ජනපති ධුරයේ දිවුරුම් දීමට නියමිතව ඇත්තේ දෙසැම්බරයේය.

මැනුවෙල් ඔබ්රාඩෝස් මෙක්සිකෝවේ දකුණු දෙසින් පිහිටි ඔඅක්සාකා ප‍්‍රාන්තයේ සිට මෙක්සිකෝ සිටී අගනුවර බලා පියාසර කිරීමට යානයට ගොඩවීස සිටියේ සියගණනක් මෙක්සිකෝ වැසියන් ද සමඟය. ඔහු අසුන් ගෙන සිටියේ ද සෙසු මෙක්සිකෝ වැසියන් අතරේය. ආරක්ෂක නිලධාරීන් කිහිප දෙනකු ද ජනපති සමඟ ඔහු අසලින් අසුන් ගෙන සිටි බව ද පැවැසෙයි.

කෙසේ නමුත් ඇද හැලෙන්න වූ මහ වැසි හේතුවෙන් යානයට ගුවන්ගත විය නොහැකි විය. යානය ගුවන්තොටුපොළේ රඳවා තබා ගැනීමට ගුවන් පාලන අධිකාරිය කටයුතු කළේය. ඒ අනුව, මැනුවෙල් ඔබ්රාඩෝස් ඇතුළු සෙසු මගීන් පැය තුනක් තිස්සේ යානයේ අසුන්ගෙන සිටි බව වාර්තා වේ.

ප‍්‍රමාද වීමෙන් පසු ගුවන් යානය මෙක්සිකෝ සිටී අගනුවර බලා පැමිණියේය. එහිදී මැනුවෙල් ඔබ්රාඩෝස් මාධ්‍යවේදීන් හමුවේ කියා සිටියේ තමා තමාට නියමිත නිල ගුවන් යානය භාවිතා නොකරන බවත්, පෙර කී පරිදි යානය විකිණීමට අදහස් කරන බවත්ය.

දූෂණයට කිසිදු ඉඩක් ලබා නොදෙන බවත්, මෙක්සිකෝවට වින කරන සන්නද්ධ මත්ද්රවව්යට ජාවාරම් කල්ලි මර්දනය කරන බවටත්, ජනතාවට බරක් වන ආකාරයේ අනවශ්යව වියදම් සියල්ල නවත්වන බවටත් මැනුවෙල් ඔබ්රාඩෝස් පොරොන්දුවක් ලබා දී ඇත. මැනුවෙල් ඔබ්රාඩෝස් පසුගිය ජනාධිපතිවරණයෙන් විශිෂ්ට ජයක් හිමිකර ගත්තේ ද මෙම ජනතාව ඔහු ගැන ලොකු විශ්වාසයක් පළ කිරීම හේතුවෙන් යැයි දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

මෙක්සිකෝ ජනපතිට අයත් නිල ගුවන් යානය අධි සුඛෝපබෝගී එකකි. එය බෝයිං ඞී‍්‍රම්ලයිනර් වර්ගයේ ඇමෙරිකන් ඩොලර් මිලියන 218ග7 ක් වටිනා යානයකි. මෙම යානය මෙක්සිකෝ ජනාධිපති නිල ගුවන් යානය ලෙස භාවිතයට ගැනුනේ 2012 වසරේදීය. ඒ, එවකට ජනාධිපති ලෙස කටයුතු කළ පිලීපේ කැල්ඩෙරොන්ගේ ඉල්ලීමකට අනුවය. ජනපති ධුරයට පත්වීමට සූදානමි සිටින මැනුවෙල් ඔබ්රාඩෝස් පෙන්වා දී ඇත්තේ, මෙවැනි සුඛෝපබෝගී ගුවන් යානයක් මෙක්සිකෝ රජයට පමණක් නොව ජනතාවට ද දැරිය නොහැකි ලොකු බරක් කියාය.

(රොයිටර්ස්)


RECOMMEND POSTS