මිහිකත සුරකින්න එ.ජා. යොවුන් සමුළුවක්



කාලගුන විපර්යාස පිටුදැකීමේ සහ මිහිකත සුරැකීමේ අරමුණින්, යොවුන් ක්‍රියාකාරීන් 500 ක පිරිසක් සහභාගී වුණු විශේෂ සමුළුවක් ඇමෙරිකාවේ නිව්යෝක් නුවර එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේදී පැවැත්විණි.

යොවුන් ක්‍රියාකාරීන් එක් කර ගනිමින් මේ අයුරින් එක්සත් ජාතීන්ගේ යොවුන් සමුළුවක් පැවැත්වුණු පළමු අවස්ථාව මෙය යැයි ද පැවැසෙයි. ලොව නන් දෙසින් පරිසර ක්‍රියාකාරීන් ලෙස කැපී පෙනෙන පිරිස්  සමුළුවට සහභාගී වූහ.

ස්වීඩන පරිසර ක්‍රියාකාරිනියක වන ග්‍රෙටා තන්බර්ග් ද සමුළුවට එක් වී අදහස් දැක්වූවාය. ආසියාව, අප්‍රිකාව, ලතින් ඇමෙරිකාව සහ ඇමෙරිකාව නියෝජනය කරමින්විවිධ රටවලින් පරිසරවේදින් වන ගැටවර ගැටවරියන් සමුළුවට සහභාගී වූහ.

මිහිකත සුරැකීම වෙනුවෙන් මේ අයුරින් යොවුන් සමුළුවක් පැවැත්වූයේ එක්සත් ජාතීන්ගේ මහ ලේකම් අන්තෝනියෝ ගුටරේට්ස්ගේ අදහසකට අනුවය.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේදීය (රොයිටර්ස්)


RECOMMEND POSTS