මහාරාෂ්ට්‍ර-හර්යානා ප්‍රාන්ත මැතිවරණ ඇරැඹේ



ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර සහ හර්යානා ප්‍රාන්තසභා මැතිවරණ ආරම්භ විය.

මහාරාෂ්ට්‍රයේත් හර්යානා ප්‍රාන්තයේත් බලයේ සිටින ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂයට පහසුවෙන් මෙම ප්‍රාන්ත සභා ජයග්‍රහණය කිරීමට හැකිවනු ඇතැයි දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

මහාරාෂ්ට ප්‍රාන්ත සභාවේ ආසන 288 කි. භාරතීය ජනතා පක්ෂය මැතිවරණයට ඉදිරිපත් වෙන්නේ, ශිව් සේනා පක්ෂය සමඟ සන්ධානගත වෙමිනි. 

ඉන්දියාවේ ප්‍රධාන විපක්ෂ දේශපාලන කණ්ඩායම වන කොංග්‍රස් පක්ෂය සෙසු පක්ෂ සමඟ සන්ධානගතවී සිටී. හර්යානා ප්‍රාන්තයේ ද බලය ඇත්තේ භාරතීය ජනතා පක්ෂය සතුවය.

නවදිල්ලියේදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS