මයික් පොම්පේ ඕ චීනයේ



ආසියානු රටවල සංචාරයක යෙදෙන ඇමෙරිකා රාජ්‍ය ලේකම් මයික් පොම්පේ ඕ, උතුරු කොරියාවේ සංචාරයකින් පසු  චීනයේ බීජීං අගනුවර බලා පැමිණියේය.

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් පරිපාලනය සහ චීනය අතර මේ වනවිට අර්බුදයක් නිර්මාණය වී ඇත. ඒ, චීන භාණ්ඩ සඳහා අමතර සියයට 10 ක තීරුබදු අය කිරීමට ට‍්‍රම්ප් පරිපාලනය පියවර ගැනීමත් සමඟය. මෙම නව බදු පැනැවීමත් සමඟ ඇමෙරිකාව සහ චීනය අතරේ ‘ආර්ථික යුද්ධයක්’ හටගෙන ඇති බව පැවැසෙයි.

චීන රජය සහ ට‍්‍රම්ප් පරිපාලනය අතැ අර්බුදයක් නිර්මාණය වූයේ මේ හේතුව නිසාය. ඇමෙරිකා රාජ්‍ය ලේකම් මයික් පොම්පේ ඕ සහ චීන විදේශ ඇමැති වොංග් යේ අතරේ මේ සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡුා පැවැත්විණි.

ඇමෙරිකාව සහ චීනය අතරේ විශ්වාසය පළුදු වී ඇති බවත්, එම විශ්වාසය යළි ගොඩනගා ගනිමින්, දෙරටටම වාසි වන අයුරින් බදු පැනැවීම් කළ යුතු බව ඇමෙරිකා රාජ්‍ය ලේකම්වරයාට චීන විදේශ ඇමැතිවරයා පෙන්වා දුන්නේය.

ඇමෙරිකා රාජ්‍ය ලේකම් මයික් පොම්පේ ඕ චීනයේ බීජිං අගනුවරට පැමිණියේ, උතුරු කොරියාවට ගොස් උතුරු කොරියා නායක කිම් ජොන් උන් හමුවී සාකච්ඡුා පැවැත්වීමෙන් පසුවය.

(ඒ.එෆ්.පී.)

 


RECOMMEND POSTS