මම යන්නේ මැද පාරේ



සුපිරි දෙමළ නළු කමල් හසන් තමිල්නාඩුවේ මදුරායි නුවරදී සිය නව පක්ෂය පිහිටුවමින්, කියා සිටියේ, තමන් මෙන්ම තම නව පක්ෂය ද මධ්‍යස්ථ ප්‍රතිපත්ති අනුගමනය කරන පක්ෂයක් කියාය.

‘මම වමට නැහැ. දකුණටත් නැහැ. මම මධ්‍යස්ථයි. මගේ පක්ෂයේ නම ‘මකාල් නීදි මායියම්’ (ජනතාව වෙනුවෙන් යුක්තිය සහ සාධාරණය). මමත් මගේ පක්ෂයත් ඕනෑම අභියෝගයකට මුහුණ දෙන්න සූදානම්. අපි ආවේ යන්න නොවෙයි. දිගටම දේශපාලනයේ රැඳී ඉන්නයි’ යැයි පක්ෂය හඳුන්වා දෙමින්, පක්ෂයේ අරමුණ පැහැදිලි කරමින් 63 හැවිරිදි කමල් හසන් පෙන්වා දුන්නේය.

නව පක්ෂය පිහිටුවීම නිමිත්තෙන් මදුරායි නුවර ජන රැලියක් ද පැවැත්විණි. එම ජන රැළියට දස දහසකට ආසන්න පිරිසක් පැමිණ සිටියේ යැයි ඉන්දීය පුවත් සේවා වාර්තා කරයි.

විශේෂ ආරාධිත අමුත්තකු ලෙස විශේෂ ආරාධිත අමුත්තකු ලෙස දිල්ලි ප්‍රාන්ත මහ ඇමැති අරවින්ද් කේජ්රිවාල් වේදිකාවට ගොඩ විය. කෙජ්රිවාල් යනු ආම් ආද්මී (පොදු මිනිසා) නමැති දේශපාලන පක්ෂයේ නායකයාය.
කමල් හසන්, දෙමළ සිනමාව ජයගත් සුපිරි නළුවකු පමණක් නොව, අධ්‍යක්ෂවරයෙකු, නිෂ්පාදකවරයකු, තිර රචකයකු, පසුබිම් ගායකයකු ද වෙයි. කමල් හසන් දෙවරක් විවාහ වූ අයෙකි. දෙවැනි විවාහය 2004 වසරේ අවසන් විය. කමල් හසන්ට දරුවෝ තිදෙනෙකි.

(එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS