මනෝහාර් පරිකාන් සමුගනී



ඉන්දියාවේ ගෝව ප්‍රාන්තයේ මහ ඇමැතිවරයා ලෙසත් ඉන්දියාවේ ආරක්ෂක අමාත්‍යවරයා ලෙසත් කටයුතු කළ මනෝහාර් පරිකාන් අභාවප්‍රාප්ත විය.

ගෝව මහ ඇමැති මනෝහාර් පරිකාන්ගේ අවසන් කටයුතු රාජ්‍ය ගෞරව සහිතව පැවැත්වුණු අතර, දේහයට අවසන් ගෞරව දැක්වීමට ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ද පැමිණ සිටියේය. මියයනවිට 63 හැවිරිදි වියෙහි පසුවුණු මනෝහාර් පසුගිය කාලය පුරාවට පිළිකාවකින් පීඩා විඳි බව ඉන්දීය මාධ්‍ය පෙන්වා දෙයි.

පන්ජාබ්හිදීය (එන්.ඩී.ටීවී.)

 


RECOMMEND POSTS