බෝම්බයට 68 ක් බිලි



ඇෆ්ගනිස්තානයේ ජලල්ලාබාද් නුවර විරෝධතා රැලියකට එල්ල වුණු මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් 68 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 165 කට වැඩිය.

ප්‍රහාරය එල්ල කරන්න ඇත්තේ අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්තවාදීන් යැයි සැක කෙරේ. කෙසේ නමුත් ප්‍රහාරයේ වගකීම තවමත් කිසිදු සංවිධානයක් බාරගෙන නැත.

අයි.එස්. ත්‍රස්තවාදීන් ඇෆ්ගනිස්තානයේ ප්‍රචණ්ඩ ක්‍රියා සිදු කරන්නේ ඇෆ්ගන් තලේබාන් සංවිධානය සමඟ එක් වෙමිනි.

(එන්.ඩී.ටීවී.)

 


RECOMMEND POSTS