බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තුවේ විවාදයක්



බි‍්‍රතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත් වීම හෙවත් බ්‍රෙක්සිට් කි‍්‍රයාවලිය මුල්කොට ගනිමින්, බි‍්‍රතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් සහ විපක්ෂ නායක ජෙරමි කෝර්බන් අතර විවාදයක් පැවැත්විණි.

විවාදය පැවැත්වීම සිදුවී ඇත්තේ බි‍්‍රතාන්‍යයේ අයි.ටී.වී. නාළිකාවේ ප‍්‍රධාන පෙළේ දේශපාලන සංවාදශීලී වැඩසටහනකදීය. එහිදී, බ්‍රෙක්සිට් කි‍්‍රයාවලිය කඩිනමින් සම්පූර්ණ කිරීමට තමන් බලාපොරොත්තු වන බව යළිත් වරක් අගමැති ජොන්සන් අවධාරණය කළේය.

විපක්ෂය වන කම්කරු පක්ෂය උත්සාහ ගන්නේ බි‍්‍රතාන්‍යය දෙකඩ කිරීමට යැයි අගමැති ජොන්සන් චෝදනා කළේය.

ඊට පිළිතුරු දෙමින්, විපක්ෂ නායක ජෙරමි කෝර්බින් කියා සිටියේ, බ්‍රෙක්සිට් සම්බන්ධයෙන් තීන්දුවක් ගැනීම බි‍්‍රතාන්‍ය වැසියන් විසින් කළ යුතු බවය. එලැඹෙන දෙසැම්බරයේ බි‍්‍රතාන්‍යයේ මහ මැතිවරණයක් පැවැත්වීමට නියමිතය.

(රොයිටර්)


RECOMMEND POSTS