බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තුවේ කටයුතු යළි ඇරැඹේ



බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තුවේ කටයුතු ඊයේ (14) යළි සාම්ප‍්‍රදායිකව ආරම්භ විය. ඒ, දෙවැනි එලිසබත් මහ රැජිනගේ රාජාසන කතාව සමඟිනි.

පාර්ලිමේන්තුවේ කටයුතු කල් දැමීමට බි‍්‍රතාන්‍ය අගමැති ජොන්සන් උත්සහ කළ නමුත්, අධිකරණය ඊට හරස් විය. ඒ අනුව, පාර්ලිමේන්තුවේ කටයුතු නිල වශයෙන් යළි ආරම්භවීමට කටයුතු යෙදුණු බව එරට පුවත් සේවා පෙන්වා දෙයි.

එලැඹෙන 31 වැනිදා වනවිට මහා බි‍්‍රතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත්වීම හෙවත් බි‍්‍රක්සිට් කි‍්‍රයාවලිය සම්පූර්ණ කළ යුතුව ඇත. ඊට පෙර බි‍්‍රක්සිට් සම්බන්ධයෙන් කාටත් එකඟවිය හැකි යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අගමැති ජොන්සන්ට සිදුවී තිබේ.

ලන්ඩනයේදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS