බිරිඳ දික්කසාදය ඉල්ලයි



ඇමෙරිකාවේ මිනසෝටා ජනපදයේ, මිනියැපොලිස් නුවර ප්‍රචණ්ඩ ක්‍රියා ඇවිලීමට හේතුවක් වූ, ජෝජ් ෆොයිඞ් නමැති කළු ජාතිකයාගේ ගෙල දණ හිසින් තද කළ සුදු ජාතික පොලිස් නිලධාරියා වන්නේ ඩෙරික් චුවෑන් ය.

චුවෑන්ට මේ වනවිට මිනීමැරුම් චෝදනා පවා එල්ල වී ඇත. චුවෑන්ගේ බිරිඳ මිනසෝටා ජනපදයේ රූප සුන්දරිය ලෙස කිරුළු පැලඳි මිකෙලී චුවෑන් ය.

ජෝජ් ෆොයිඞ්ගේ මරණය සම්බන්ධ සිදුවීම දුටු සැණින් ඊට අප්‍රසාදය පළ කරමින් ඇය ඩෙරික් චුවෑන්ගෙන් දික්කහාද වීමට තීරණය කර ඇතැයි ඇමෙරිකන් පුවත් සේවා වාර්තා කරයි.

(ඬේලිමේල්)


RECOMMEND POSTS