බින් ලාඞ්න් මරන්න පාකිස්තානය උදවු කරලා



ඇමෙරිකාව පාකිස්තානයට හොරෙන් ඇතුළු වී, පාකිස්තානයේ සැඟවී සිටි අග් කයිඩා නායක ඔසාමා බින් ලාඞ්න් මරා දැමීම සිදුවූයේ ඇමෙරිකාවට පාකිස්තාන බුද්ධි අංශ සහාය දැක්වූ නිසා යැයි ධවල මන්දිරයේ පැවැති හමුවේ දී පාකිස්තාන අගමැති ඉම්රාන්, ඇමෙරිකා ජනාධිපති ට්‍රම්ප්ට පෙන්වා දී ඇත.

ඔසාමා බින් ලාඞ්න් ඝාතනය ගැන කතාබහ හටගත්තේ, ඇමෙරිකා ජනපති ට්‍රම්ප් සහ පාකිස්තාන අගමැති ඉම්රාන් අතරේ ඇෆ්ගන් අර්බුදය සහ ඉස්ලාමීය ත්‍රස්තවාදී සංවිධාන සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වෙද්දීය. 

2011 දී ඇමෙරිකන් නේවි සීල් භටයන් ඇබොට්ටාබාද් නුවරට රහසේ ගොස් ඔසාබා බින් ලාඞ්න් ඝාතනය කළේ පාකිස්තාන රජයට, හමුදාවට හෝ බුද්ධි අංශයට නොදන්වාය.

ඔසාමා බින් ලාඞ්න් ඝාතන මෙහෙයුම සිදුවූයේ එවකට ඇමෙරිකාවේ ජනාධිපති ලෙස කටයුතු කළ බැරැක් ඔබාමාගේ මෙහෙයවීම යටතේය. මෙම රහස් මෙහෙයුමෙන් පසු එවකට පාකිස්තානයේ පැවැති යුසොෆ් රාසා ගිලානීගේ රජයත් ඔබාමා රජයත් අතර සබඳතා බිඳ වැටුණි.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS