බිකීනි කඳුනගින්නිය මැරිලා



බිකීනියකින් සැරැසී, කතා කවුරුවත් නොමැතිව, කඳු නගිමින්, සමාජ ජාල ඔස්සේ ජනප්‍රියට පත්ව සිටි, තායිවාන ජාතික තරුණිය ගිගු වූ මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

36 හැවිරිදි ගිගු වූ සමාජ ජාල ඔස්සේ ප්‍රසිද්ධියට පත් ව සිටියේ ‘බිකීනි කඳුනගින්නිය’ යන නමිනි. ඇය සංචාරයේ නියැළෙන්නේ තනියමය. එහෙයින්, සමාජ ජාල ඔස්සේ බොහෝ දෙනකුගේ ඇගයීමට ඇය ලක්වී සිටියාය.

ඉකුත් සෙනසුරාදා ඇය සුපුරුදු පරිදි බිකීනියෙන් සැරැසී, තායිවානයේ යුෂාන් කඳුකරය සහ ජාතික වනෝද්‍යානය තරණයට ගොස් ඇති අතර එහිදී අඩි 65 ක ප්‍රපාතයකට ඇද වැටී තුවාල ලැබුවාය.

බරපතල තුවාල ලබා සිටිද්දී, කෙසේ හෝ ඇය ඇය සතුව තිබූ චන්ද්‍රිකා දුරකතනයෙන් යෙහෙළියකට ඇයට සිදුවුණු විපත දැනුම් දී ඇති අතර, තායිවාන රජයේ ද මැදිහත් වීමෙන් සහන සේවකයන් සහ බ්ලැක් හෝක් වර්ගයේ හෙලිකොප්ටර් ඇය සෙවීම අරඹා ඇත.

කෙසේ නමුත් අයහපත් කාලගුණය හේතුවෙන් ඇය සිටි තැනට කඩිනමින් ළං වීම කළ නොහැකි වුණු අතර, සහන සේවකයන්ට ඇය හමුවී ඇත්තේ ප්‍රපාතයට ඇද වැටී පැය 28 ක් ගත වෙද්දීය. ඒ වනවිට ඇය මියගොස් සිටියාය.

තායිපේහිදීය
ඩේලිමේල් ඇසුරිනි


RECOMMEND POSTS