බාලි දූපතේ ඉන්ටර්නෙට් නෑ



ඉන්දුනීසියාවට අයත් බාලි දූපතේ අන්තර් ජාල සේවා නවතා දැමීමට බලධාරීන් තීරණය කර ඇත.

බාලි දූපතේ හින්දු වැසියන් ලබන 17 වැනි සෙනසුරාදා හින්දු චාරිත්‍රවලට අනුව, නියෙපී නමින් නව අවුරුදු උදාව සාම්ප්‍රදායික ලෙස චාරිත්‍රාණුකූලව සමරයි.

එදිනට අන්තර් ජාල පහසුකම් අත්හිටුවීමට බලධාරීන් තීරණය කර ඇති අතර ඔවුන් මොබයිල් (ජංගම දුරකතන) සමාගම් සමඟ ඒ සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වා ඇත. එදින පැය 24 ක කාලයකට බාලි ගුවන්තොටුපොළ පවා වසා දැමෙයි.

‘ලොව අනෙක් තැන්වල වගේමයි බාලි දූපතේ හින්දු වැසියෝ ඉන්නේත් සමාජ ජාල සමඟ. හැමෝගෙම අතේ ජංගම දුරකතන. ඔවුන් ඔවුන්ගේ සාරදර්ම අමතක වෙලා. හින්දු චාරිත්‍ර අමතක වෙලා. මේ අවුරුද්දේ ඔවුන් අවුරුදු සමරන්න ඕනෑ. ඒ නිසා අන්තර් ජාල සේවා අපි අත්හිටුවීමට තීරණය කළා’ යැයි දූපතේ සන්නිවේදන කටයුතු අමත්‍යාංශයේ ප්‍රධානී යොමාන් සුජායා කියයි.

(රොයිටර්)

 


RECOMMEND POSTS