බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත් වීමට යයි



බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත් වීමේ ක්‍රියාවලිය අනුමත කිරීම සඳහා එම සංගමයේ නායකයෝ මේ මස 25 වැනිදා රැස්වන බව යුරෝපා කවුන්සිලයේ සභාපති ඩොනල්ඞ් ටස්ක් පසුගියදා පැවැසීය.

බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත් වීමට අමතරව බ්‍රිතාන්‍ය සහ යුරෝපා සංගමය අනාගතයේදී කටයුතු කරන්නේ කෙසේද යන්න සඳහන් දේශපාලන ප්‍රකාශයක් ද එදිනට අනුමත කරගැනීමට නියමිත බව ද ඩොනල්ඞ් ටස්ක් ටස්ක් කීවේය.

"විශේෂ කිසිදෙයක් සිදු නොවුණහොත් බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත් වීමේ ගිවිසුම අවසන් කිරීමටත් විධිමත් කිරීමටත් අවශ්‍ය පියවර ගන්නවාග ඒ සඳහා යුරෝපා කවුන්සිලයේ රැස්වීමක් ද පවත්වනවා. එය නොවැම්බර් 25 වැනි ඉරිදා උදෑසන 9ට සිදුවෙනවා” ඩොනල්ඞ් ටස්ක් පැවැසීය.

 

හර්ෂණ තුෂාර සිල්වා


RECOMMEND POSTS