බ්‍රසීලයේ නව ආසාදිතයෝ 33,274 ක්



පසුගිය දින කීපයේ ‘කොවිඞ් 19‘ ආසාදිතයන් 33,274 ක් හමුවුණු බවත්, ඒ අනුව සමස්ත ආසාදිතයන් ගණන 4,98,440 ඉක්මවූ බවත් බ්‍රසීල සෞඛ්‍ය අමත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

ගතවුණු පැය 24 ඇතුළත මරණ 956 ක් වාර්තා විය. ඒ අනුව සමස්ත මරණ ගණන 28,834 පසු කළේය. ඇමෙරිකාවට පසු දෙවැනියට වැඩිම ආසාදිතයන් වාර්තා වන්නේ බ්‍රසීලයෙනි.

බ්‍රසීලය ලතින් ඇමෙරිකා කලාපයට අයත් රාජ්‍යයකි. ලතින් ඇමෙරිකා කලාපයේ සෙසු රටවල ද මේ වනවිට ‘කොවිඞ් 19’ වයිරසය දරුණු ලෙස පැතිරෙයි. ලතින් ඇමෙරිකා රටවලින් වාර්තා වන සමස්ත මරණ ගණන 50,000 ඉක්මවා ඇත. සමස්ත ආසාදිතයන් ගණන මිලියනය පසු කර තිබේ.

(අල් ජසීරා)


RECOMMEND POSTS