බහින්බස්වෙලා



මෙක්සිකෝ ජනාධිපති එන්රීක් පෙනා නීටෝ අතර සහ ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් අතර බහින්බස් වීමක් සිදුවුණු බවත්, ඉන්පසු සැලැසුම් කළ ඇමෙරිකා සංචාරය අවලංගු කිරීමට මෙක්සිකෝ ජනපතිවරයා තීරණය කළ බවත් විදෙස් පුවත් සේවා වාර්තා කරයි.

මේ බව පළමුවෙන් වාර්තා කළේ ඇමෙරිකාවේ වොෂින්ටන් පෝස්ට් පුවත් සේවයයි. ඇමෙරිකා සංචාරය සැලැසුම් කර මෙක්සිකෝ ජනාධිපති පිනා නිටෝ ඇමෙරිකා ජනපති ට්‍රම්ප්ට ඇමතුමක් දී ඇත. එම අවස්ථාවේදී දෙදෙනා අතර බහින්බස් වීමක් සිදුවුණු බවත් ට්‍රම්ප්ට කේන්ති ගිය බවත් පැවැසෙයි.

දෙදෙනා අතර මෙසේ බහින්බස් වීමක් සිදුවී ඇතැයි පැවැසෙන්නේ, ඇමෙරිකා ජනපති ට්‍රම්ප් ඇමෙරිකා මෙක්සිකෝ දේශසීමාවේ ඉදිකිරීමට නියමිත දේශසීමා තාප්පය මුල්කොට ගනිමිනි.

එම තාප්පය සඳහා මුදල් අය කර ගැනීම මෙක්සිකොවෙන් සිදු කරන බව ට්‍රම්ප් මෙක්සිකෝ ජනාධිපතිවරයාට දිගින් දිගටම පවසා ඇත. දෙදෙනා අතර බහින්බස්වීමට හේතුවක් වූයේ මෙම සිද්ධියයි. දෙදෙනා අතර දුරකතන සන්වාදය මිනිත්තු 50 ක් පුරාවට පැවැති බව ද වාර්තා වේ.

(ප්‍රෙස් ටීවී)


RECOMMEND POSTS