බටහිර රටවල් නිහඬයි



අතිවිශිෂ්ට ජයක් හිමිකරගනිමින් සිවුවැනිවරටත් රුසියාවේ ජනපති ධුරයට පත්වුණු ව්ලැදිමීර් පුටින්ට ආසියානු සහ ලතින් ඇමෙරිකානු රටවල රාජ්‍ය නායකයන්ගෙන් උණුසුම් සුබ පැතුම් හිමිවී ඇතැයි විදෙස් පුවත් වාර්තා කරයි.

ජනාධිපති පුටින් මෙවර ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කළේ සියයට 77 ක ඡන්ද ප්‍රතිශතයක් හිමිකර ගනිමිනි.

ආසියානු සහ ලතින් ඇමෙරිකානු රටවල රාජ්‍ය නායකයන්ගෙන් සුබ පැතුම් හිමිවුවත්, ඇමෙරිකාව, බ්‍රිතාන්‍යය ඇතුළු බටහිර රටවල නායකයන් කිසිවකු පුටින්ට සුබ පතා නොමැති බව වාර්තා වේ.

ඊට හේතුව වී ඇත්තේ රුසියාව සහ බටහිර රටවල් වන ඇමෙරිකාව, බ්‍රිතාන්‍යය, ජර්මනිය සහ ප්‍රංශය ආදී රටවල් අතරේ ඇයිහොඳයිකම් පළුදුවීමය.

ඊට හේතුව බ්‍රිතාන්‍යයේ ආරක්ෂාව ලැබ එරට ජීවත් වුණු රුසියානු  රහස් ඔත්තු නිලධාරියකු සහ ඔහුගේ දියණියට වස දීමේ සිද්ධියයි. වස දීම සිදු කර ඇත්තේ පුටින් ප්‍රමුඛ රුසියානුවන් බවට චෝදනා එල්ල වී ඇත. පුටින් එම චෝදනා තරයේ ප්‍රතික්ෂේප කර තිබේ. ඇමෙරිකාව ඇතුළු සෙසු රටවල් බි්‍රතාන්‍යයට සහාය පළ කර ඇත.

විශිෂ්ට ජනවරමක් හිමිවුණු පුටින්ට පළමුවෙන්ම සුබ පැතුවේ චීන ජනාධිපති ෂී ජින්පින්ය. ජින්පින් සහ පුටින් අතරේ පවතින්නේ ඉතා සමීප මිත්‍රත්වයකි. ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල තීරණ සම්බන්ධයෙන් රුසියාව එරෙහිව කටයුතු කළ සෑම අවස්ථාවකදීම පුටින්ට චීන ජනාධිපතිවරයාගේ සහාය නොඅඩුව හිමිවිය.

(ප්‍රෙස් ටීවී)


RECOMMEND POSTS