පේරු ජනපති දිවිනසා ගනී



දූෂණ චෝදනා එල්ල වී, ඒ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට සූදානම් වෙද්දී පේරු රාජ්‍යයේ හිටපු ජනාධිපති ඇලන් ගාසියා හිසට වෙඩි තබා ගනිමින් දිවි නසා ගත්තේය.

හිටපු ජනාධිපතිවරයා මෙසේ වෙඩි තබා ගෙන ඇත්තේ පොලිසිය පැමිණ ඔහු අත්අඩංගුවට ගැනීමට සූදානම් වෙද්දීය.

1985 වසරේ සිට 1990 දක්වාත් ඉන්පසු 2006 වසරේ සිට 2011 දක්වාත් පේරු රාජ්‍යයේ ජනපති ධුරය හෙබවූයේ ගාසියාය. පේරු ඇප්රිස්ටා පක්ෂය නියෝජනය කරමින් ජනපති ධුරයට පත්වුණු එකම තැනැත්තා වන්නේ ද ගාසියාය.

(රොයිටර්ස්)


RECOMMEND POSTS