පෘථිවිය වගේ ග්‍රහලෝක 7 ක් පෙනිලා



ජීවය ඇතැයි අනුමාන කළ හැකි පෘථිවිය හා සමාන ග්‍රහලෝක 7 ක් පෘථිවියේ සිට ආලෝක වර්ෂ 40 ක් දුරින් පිහිටි තරුවක් වටා භ්‍රමණය වන බව ඇමෙරිකාවේ නාසා ආයතනය විසින් සොයා ගනු ලැබ ඇත.

නාසා ආයතනය මෙම සොයා ගැනීම කළේ ස්පිට්සර් අභ්‍යවකාශ දුරේක්ෂය ආධාරයෙන් කළ නිරීක්ෂණවලදී යැයි ද පැවැසෙයි.

මෙම තරුව විද්‍යාඥයන් විසින් නම් කරනු ලැබ ඇත්තේ ‘ට්‍රැපිස්ට් 1’ යන නමිනි. මෙම තරුව රතු වාමනයකු බවත්, අප සූර්යයා මෙන් නොව ඊට වඩා සිසිල් යැයි ද ලබා ගත් දත්තවලින් පැහැදිලි වන බව නාසා විද්‍යාඥයෝ වැඩි දුරටත් කියා සිටිති.

 

(ප්‍රෙස් ටීවී)


RECOMMEND POSTS