පෘතුගාලයේ ළැව්ගිනි



මධ්‍යම පෘතුගාලයේ පැතිර යන ළැව් ගිනි පාලනයට ගිනි භටයන් දහසකට වැඩි ප්‍රමාණයක් යොදවා ඇතැයි විදෙස් පුවත් සේවා වාර්තා කරයි.

ළැව් ගැනි පැතිර යන්නේ ලිස්බන් අගනුවරය කිලෝ මීටර් 200 ක් දුරින්, කැස්ටෙලෝ බ්‍රැන්කෝ පළාතේය. වියළි කාලගුණය හේතුවෙන් ළැව් ගින්න නිවා දැමීම හෝ පාලනය කිරීම හෝ ගිනි නිවන භටයන්ට ගැටලුවක් වී ඇත.

ගිනි නිවන භටයන් 1,100 ක් සහ ගිනි නිවන ට්‍රක් රථ 340 ක් සහ ජලය ඉසින ගුවන් යානා ද ගින්න නිවා දැමීමට යොදවා ඇති බව පෘතුගාල රජය කළ නිවේදනයක සඳහන් වෙයි.

ලිස්බන්හිදීය (රොයිටර්)


RECOMMEND POSTS