පුටින් මංගල උත්සවයකට ගොඩවැදිලා



ජර්මන් චාන්සල් ඇන්ජෙලා මාකෙල් හමුවීමට ජර්මනියට යන අතරතුරේ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් හදිසියේම ඔස්ටි‍්‍රයාවේ මංගල උත්සවකට සහභාගී විය.

පෙර දැනුම්දීමක් නොකර, ඔස්ටි‍්‍රයා වැසියන් මවිත කරමින් ජනාධිපති පුටින් ප‍්‍රහාරක ජෙට් යානා සහ හෙලිකොප්ටර් යානා ද පිරිවරාගෙන සිය ගුවන් නිල යානයෙන් ග‍්‍රාස් නගරයට පැමිණියේය. ගුවන් යානා ගොඩබෑමට අධිවේගී වාර්ගයක් ද වසා දැමුණි.

ජනපති පුටින් සහභාගී වූයේ ඔස්ටි‍්‍රයා විදේශ ඇමැතිනියගේ මංගල උත්සවයටය. 53 හැවිරිදි විදේශ ඇමැතිනී කැරින් නෙයිසල්, විවාහ වූයේ ව්‍යාපාරික වුල්ෆ්ගෑන්ග් මෙලින්ගර් සමඟය. පසුගිය වසරේ පුටින් සහ කැරින් හමුවුණු අවස්ථාවේ ඇය පුටින්ගෙන් ඉල්ලා ඇත්තේ හැකිනම් තව මංගල උත්සවයට පැමිණෙන ලෙසටය.

පුටින් ආරක්ෂක නිලධාරීන් පිරිවරාගෙන සිය වෙඩි නොවදින මෝටර් රථයෙන් මංගල උත්සවයට පැමිණෙද්දී කැරින් පවා පුදුමයට පත් වුණු බව වාර්තා වේ. ඔස්ටි‍්‍රයාවේ පවතින්නේ සන්ධාන ආණ්ඩුවකි.

ඔස්ටි‍්‍රයානු නිදහස් පක්ෂය එහි ප‍්‍රධාන හවුල්කරුවකු වන අතර කැරින් එම පක්ෂය නියෝජනය කරයි. ඔස්ටි‍්‍රයානු නිදහස් පක්ෂය රුසියානු හිතවාදී පක්ෂයකි. නව යුවලට සුබ පතමින්, මනාලිය කැරින් සමඟ නැටුමකට එක්වීමට පවා පුටින් අමතක නොකළේය.

(බී.බී.සී.)

 


RECOMMEND POSTS