පිළිකා රෝගීන් මිලියන 18 ක්



මේ වසරේදී නව පිළිකා රෝගීන් මිලියන 18.2ක් වාර්තා වනු ඇතැයි නවතම අධ්‍යයනයක් හෙළිකර තිබේ.

පිළිකා හේතුවෙන් තවත් ලක්ෂ 96 ක පිරිසක් මේ වසරේ මිය යනු ඇතැයි ද එම වාර්තාවේ සඳහන් ය.

පිළිකා රෝගයට අලුතින් ගොදුරුවන සංඛ්‍යාව, 2012 වසරට සාපේක්ෂව 4 %ක වර්ධනයකි.

එම අධ්‍යනයෙන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ ලොව සෑම පුරුෂයන් පස්දෙනෙකුගෙන් එක් අයකුට ද, සෑම කාන්තාවන් හය දෙනෙකුගෙන් එක් අයෙකුට ද පිළිකා රෝගය වැළඳෙනු ඇති බවයි.

රටක් සංවර්ධනය වීමත් සමඟ වෙනස්වන ජීවන රටා හමුවේ පිළිකා රෝගය වැළඳෙන ප්‍රතිශතය ඉහළ යන බව ද එම අධ්‍යනයේ වැඩිදුරටත් සඳහන් ය.

ලොව පුරා මරණවලින් තුනෙන් එකක පිරිසක් පෙනහලු පිළිකා , පියයුරු පිළිකා සහ බඩවැල් ආශ්‍රිත පිළිකාවලින් මියයන බව ද එම අධ්‍යනයෙන් පෙන්වා දෙයි.

( තිළිණි ද සිල්වා )

ද ගාඩියන් ඇසුරෙනි.


RECOMMEND POSTS