පියයුරු සැත්කම් නොමිලේ



පියයුරු සැත්කම් නොමිලේ කර දීමට තමන් සූදානම් බව දකුණු ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ රජයේ රෝහලක් නිවේදනය කර තිබේ.

පිළිකා රෝගීන්ට සහනයක් ලෙස, පියයුරු සැත්කම් නොමිලේ කර දීමට ඉදිරිපත් වී ඇත්තේ ‘ස්ටැන්ලි’ රෝහල යැයි ඉන්දීය පුවත් සේවා වාර්තා කර තිබේ.

මීට පෙර ද තමිල්නාඩුවේ දිළිඳු ජනතාව වෙනුවෙන් මෙම සේවාව පැවැති නමුත් මින් ඉදිරියට සියලුම පියයුරු පිළිකා සැත්කම් නොමිලේ සිදු කෙරනු ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

(බී.බී.සී.)


RECOMMEND POSTS