පාකිස්තාන හෝටලයකට ප්‍රහාරයක්



පාකිස්තානයේ ක්වෙටා නගරයේ හෝටලයක සිදුවුණු පිපිරීමකින් සිවු දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණු බවත්, 12 දෙනකු තුවාල ලැබූ බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ‍

ක්වෙටා නගරය ඇත්තේ බලුකිස්තානයේය. බලුකිස්තානය පාකිස්තානය අයත් පාලන ප්‍රදේශයකි. පිපිරීම සිදුවූයේ ‘සෙරේනා’ හෝටලයේය.

පිපිරීම සිදුවෙද්දී හෝටලයේ පැවැති උත්සවයට ප්‍රධාන අමුත්තා ලෙස සහභාගී වී සිටියේ පාකිස්තානයේ චීන තානාපති නෝග් රෝන්ග් යැයි බලුකිස්තාන ස්වදේශ කටයුතු ඇමැති සියා ලැන්ගෝව් කියයි.

පුපුරා ගියේ කාර් බෝම්බයක් බවත් එය ත්‍රස්ත ක්‍රියාවක් බවත් පාකිස්තාන ස්වදේශ කටයුතු ඇමැති ෂෙයික් එෂීද් අහ්මද් පවසා ඇත.

ප්‍රහාරයේ ඉලක්කය වී ඇත්තේ ද චීන තානාපතිවරයා බව ආරක්ෂක අංශ පසුව පැවැසීය. ප්‍රහාරයේ වගකීම පාකිස්තාන තලේබාන් ත්‍රස්තවාදීන් විසින් බාර ගනු ලැබ තිබේ.

(රොයිටර්)


RECOMMEND POSTS