ප්ලාස්ටික් කසළ පැසිෆික් සාගරයේ



ටොන් හැත්තෑ නව දහසක ප්ලාස්ටික් කසළ තොගයක් ඇමෙරිකාවේ කැලිෆෝනියා වෙරළට ඔබ්බෙන් හවායි දූපත් තෙක් මුහුදේ පාවෙමින් පවතින බවත් එම කසල විසිරී පැතිරී ඇති ප්‍රදේශය ප්‍රංශය මෙන් තුන් ගුණයක් විශාල බවත් පරිසරවේදීහු පෙන්වා දෙති.

ප්ලාස්ටික් කෝප්ප, බෝතල්, ප්ලාස්ටික් කවර, මූඩි ආදිය අයත් වන මෙම කසල තොගය ‘පැසිෆික් සාගරයේ මහා කසල ගොඩ’ යන නමින් නම් කර තිබේ. ‘කසල ගොඩ’ සම්බන්ධයෙන් පසුගිය දා සමීක්ෂණයක් සිදු කෙරුණි.

ඒ, සාගරය පිරිසුදු කිරීමේ ජාත්‍යන්තර ආයතනය මැදිහත් වෙමිනි. සාගරය පිරිසුදු කිරීමේ ජාත්‍යන්තර ආයතනය යනු නවසීලන්තය, ඇමෙරිකාව, එක්සත් රාජධානිය, ප්‍රංශය, ජර්මනිය සහ ඩෙන්මාර්කය යන රටවල එකමුතුවෙන් පිහිටුවා ගත් ආයතනයකි.

පැසිෆික් සාගරයේ පාවෙන ‘කසල ගොඩ’ සම්බන්ධයෙන් පැවැති සමීක්ෂණය සඳහා ගුවන් යානා දෙකක් සහ කුඩා නාවික යාත්‍රා 18 ක් යොදා ගත් බව ඇමෙරිකන් පුවත් සේවා වැඩි දුරටත් වාර්තා කර තිබේ.

(රොයිටර්)


RECOMMEND POSTS