පතලක සිදුවූ අනතුරකින් 30 ක් මරුට



ඇෆ්ගනිස්ථානයේ රන් පතලක සිදුවූ අනතුරකින් පුද්ගලයින් තිස් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඊශාන දිග ඇෆ්ගනිස්ථානයේ කොහිස්ථාන් ප්‍රදේශයේ මෙම අනතුර සිදුව ඇති බවයි.

ගම්වාසීන් පිරිසක් විසින් කැණීම් සිදුකරන ලද මීටර් 60ක පමණ  ගැඹුරින් යුතු පතලක සිදුවූ කඩා වැටීමක් හේතුවෙන් අනතුර සිදුව ඇති අතර එහිදි තවත් පුද්ගලයින් හත් දෙනෙකු තුවාල ලබා ඇති බව සඳහන්ය.

( තිළිණි ද සිල්වා)
කලීජ් ටයිම්ස් ඇසුරෙනි.


RECOMMEND POSTS