පක්ෂ සාමාජිකත්වය අහිමි වෙයි



මැලේසියාවේ හිටපු අග්‍රමාත්‍ය මහතීර් මොහොමද් ට සිය පක්ෂය අහිමි වි ඇතැයි මැලේසියානු පුවත් සේවා වාර්තා කරයි.

අග්‍රාමාත්‍ය මහතීර් මැදිහත් වී පිහිටුවූ දේශපාලන පක්ෂය වන්නේ එක්සත් ස්වදේශීය පක්ෂයයි. මහතීර් මොහොමද් ට පක්ෂ සාමාජිකත්වය අහිමි වූයේ පාර්ලිමේන්තු සැසිවාරයේ දී ඔහු විපක්ෂයේ අසුන් ගැනීම හේතුවෙනි.

95 හැවිරිදි මහතීර් මොහොමද් ලොව වයස්ගතම රාජ්‍ය නායකයා ලෙස පිළිගැනෙයි. දේශපාලනයෙන් විශ්‍රාම ගොස් සිටි මහතීර් මොහොමචද් එක්සත් ස්වදේශීය පක්ෂය පිහිටුවාගෙන එවකට විපක්ෂ දේශපාලන පක්ෂ හවුල් කර ගනිමින් යළි අගමැති ධුරයට පත් විය. ඒ පසුගි 2018 වසරේදීය.

ක්වාලාලාම්පූර්හිදීය (රොයිටර්)


RECOMMEND POSTS