පක්ෂ නායකත්වයත් නෑ



මූල්‍ය වංචා චෝදනාවලට වරදකරු වී අගමැති ධුරය අහිමි වුණු නවාස් ෂරීෆ්, පාලක පක්ෂය වන ‘පාකිස්තාන මුස්ලිම් ලීගය එන්’ පක්ෂයේ නායකත්වය දැරීමට සුදුසු නැතැයි පාකිස්තාන ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.

ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් විසින් මෙසේ තීරණය කරනු ලැබුවේ, පාකිස්තාන විපක්ෂ දේශපාලන කණ්ඩායම් ඉදිරිපත් කළ පෙත්සමක් සැළකිල්ලට ගනිමිනි. අධිකරණයේ එම තීන්දුවත් සමඟ ‘පාකිස්තාන මුස්ලිම් ලීගය එන්’ නායකත්වයෙන් ඉවත් වීමට නවාස් ෂරීෆ්ට සිදුවුනු ඇත.පාකිස්තාන දේශපාලන විශ්ලේෂකයන් පෙන්වා දී ඇත්තේ  ශ්‍රේෂ්ඨාධිකරණයේ මෙම තීන්දුවත් සමඟ නවාස් ෂරීෆ්ගේ දේශාපලන දිවිය අවසන් වනු ඇති බවය.

නවාස් ෂරීෆ්ට අගමැති ධුරයෙන් ඉවත් වීමට සිදුවූයේ පසුගිය ජූලි 28 වැනිදාය. ඒ, දූෂණ චෝදනා සම්බන්ධයෙන් ඔහු ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ වරදකරු වීමත්, අගමැති ධුරයට නවාස් ෂරීෆ් නුසුදුසු යැයි ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කිරීමත් සමඟය.

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවට ගරු කරන බව පවසමින් නවාස් ෂරීෆ්  අගමැති ධුරයෙන් ඉවත් විය. ඒ වෙනුවට පාලක ‘මුස්ලිම් ලීගය එන්’ පක්ෂයේ නායකත්වයට එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨයකු වන ෂහීද් කහාකන් අබ්බාසි පත් කර ගත්තේය. අගමැති ධුරයෙන් ඉවත් වුවත් පසුගිය කාලය පුරාවට නවාස් ෂරීෆ් දිගටම පක්ෂයේ සභාපතිවරයා ලෙස කටයුතු කරමින් සිටියේය.

පාකිස්තාන පුවත් සේවා ඇසුරිනි


RECOMMEND POSTS